හම්බන්තොට මහා නගර සභා‍වේ නගරාධිපති තොරා පත්කර ගැනීම

අද (2025 ජුනි 23) දින පැවති හම්බන්තොට මහ නගර සභාවේ සමාරම්භක සැසිවාරයේදී, ඩී.ඒ. ගාමිණී මහතා නගරාධිපති ලෙසත්, එම්.බී.මොහොමඩ් මහතා නියෝජ්‍ය නගරාධිපති ලෙසත් තේරී පත් විය.

2025 මැයි 6 වන දින පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමි නොවූ හෙයින්, දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක සැසිවාරය පැවැත්විණි. එහිදී පැවති ඡන්ද විමසීමකින් අනතුරුව ඩී.ඒ. ගාමිණී මහතා වැඩි ඡන්දයෙන් නගරාධිපති ලෙස තේරී පත් වූ අතර, එම්.බී.මොහොමඩ් මහතා නියෝජ්‍ය නගරාධිපති ලෙස ඒකමතිකව තේරී පත් විය.

නව නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති වෙත අප‍ගේ සුබපැතුම්!

Share:

More Posts

ගමට sabhaawa” ජංගම සේවා වැඩසටහන

“ගමට sabhaawa” ජංගම සේවා වැඩසටහන. 2025.08.19 දින සාමෝදාගම ග්‍රාම නිලදාරී වසම ආවරණය වන පරිදි හම්බන්තොට මහා නගර සභාවේ ගරු නගරාධිපති, ගරු නියෝජ්‍ය නගරාධිපති,ගරු නාගරික මන්ත්‍රීවරුන්ගේ

clean srilanka

Clean Sri Lanka project, aims to address a cleaner physical environment and a nationwide moral commitment to enhance ethical principles.

Send Us A Message