නාගරික ඉංජිනේරැ දෙපාර්තමේන්තුව

දෙපාර්තමේන්තුවේ සම්බන්ධතා අංකය (department contact number) : 047 2256 280

තාක්ෂණික සේවා නිලධාරීන් 02 ක්
සැලසුම් ශිල්පී 01 ක්
සහ සංවර්ධන නිලධාරීන් සහ කළමනාකරණ සේවා නිලධාරීන් 05 ක්

තාක්ෂණ සේවා නිලධාරි (Technical Services Officer)

  • මහා නගර සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ ව්‍යාපෘතීන්හි ඇස්තමේන්තු
  • සභාවට අදාළ සියලුම කොට්ඨාසයන්හි
    1. ගොඩනැගිලි අයදුම් පත්‍ර/අනූබෙදුම් අයදුම් පත්‍ර පරීක්ෂා කර නිර්දේශ ලබා දීම /වාර්තා කිරීම
    2. අනවසර ඉදිකිරීම්, මහජන පැමිණිලි පරීක්ෂා කිරීම/වාර්තා කිරීම
    3. මහා නගර සභා මාර්ග නඩත්තු /කාණු නඩත්තු කිරීමට අදාළ තොරතුරැ රැස් කිරීම/නිරීක්ෂණ/නිර්දේශ ඉදිරිපත් කිරීම
    4. වීථි රේඛා සහතික/නොපවරා ගැනීමේ සහතික /මාර්ග පළුදු කිරීම සම්බන්ධ නිර්දේශ ලබා දීම
    5. වීථි පහන් නඩත්තු පරීක්ෂා කිරීම/නිර්දේශ ලබා දීම
  • මහා නගර සභා ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල නඩත්තු කිරීම/පරීක්ෂා කිරීම/ඇස්තමේන්තු සැකසීම
  • මහා නගර සභාවට අයත් නිල නිවාස ,ක්‍රීඩා පිටි,සුසාන භූමි ඇතුළු සභා දේපල සහ සියලු යටිතල පහසුකම් අධීක්ෂණය කිරීම, නඩත්තු කිරීම ,අවශ්‍ය විට අදාළ ඇස්තමේන්තු සකස් කිරීම
  • මහා නගර සභාවේ මාසික මහා සභාව/ස්ථාවර කමිටු/විශේෂ කම්ටු සඳහා සහභාගී වීම සහ අදාළ නිරීක්ෂණ/නිර්දේශ ලබා දීම

සැළසුම් ශිල්පි (Draftman)

  • මහා නගර සභා බල ප්‍රදේශයේ මාර්ග ලේඛනයන් ,මාර්ග සිතියම් යාවත්කාලීන කර පවත්වාගෙන යාම
  • මහ නගර සභා බල ප්‍රදේශයේ සියලුම කාණු පිළිබඳ ලේඛනයන් සහ සිතියම් යාවත්කාලීන කර පවත්වාගෙන යාම
  • හම්බන්තොට මහ නගර සභා බල ප්‍රදේශය පිළිබඳ සියලුම තොරතුරැ හා මහා නගර සභා මගින් ක්‍රියාත්මක තොරතුරැ සිතියම් ගත කර පවත්වාගෙන යාම හා භාරයේ තබා ගැනීම
  • මහා නගර සභාව වෙත ලැබෙන සියලුම ගොඩනැගිලි සැළසුමිහි ක්ෂේත්‍ර වාර්තාව යොමු කිරීමට ප්‍රථම මූලික සැලසුම් වාර්තාව ඉටුකර ,ක්ෂේත්‍ර පරික්ෂාව සඳහා යොමු කිරීම
  • සැළසුම්වල අඩුපාඩු ඇත්නම් ඒ පිළිබඳ අදාළ ගොඩනැගිලි සැළසුම් පිළිබඳ විෂය භාර නිලධාරියා වෙත වාර්තා කිරීම
  • හම්බන්තොට මහා නගර සභා කාර්යාලයට අයත් සියලුම ගොඩනැගිලි සැළසුම් භාරව සිටීම හා යාවත්කාලීන කිරීම
  • අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ගොඩනැගිලි සැළසුම් අයදුම්පත්‍ර පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂණ කටයුතු හා අදාළ නිර්දේශ සැපයීම සඳහා සහයෝගය ලබා දීම
  • ගොඩනැගිලි සැළසුම් කමිටුව සඳහා සහභාගි වීම හා අදාළ නිර්දේශ සැපයීම සඳහා සහයෝගය ලබා දීම
  • මාර්ග නම් කිරීමට අදාළවන ක්ෂේත්‍ර පරීක්ෂාවන් සිදුකිරීම හා නිර්දේශ සැපයීම
  • බල ප්‍රදේශය තුළ ඇති පෞද්ගලික මාර්ග හදුනාගැනීම හා ඒවා පෞද්ගලික මාර්ග ලෙස නම් කිරීම
  • මීට අමතරව ඔබ නගරාධිපති විසින් හෝ කොමසාරිස් විසින් හෝ නාගරික ලේකම් විසින් පවරනු ලබන ඔනෑම රාජකාරි කටයුත්තක් ඉටු කිරීමට බැදී සිටී

සංවර්ධන නිලධාරි සහ කළමනාකරණ සේවා නිලධාරි (development officer and managing service officer)

  • රථ වාහන කමිටුව /රථ වාහන නඩත්තු කිරීම /ආයතනික උපකරණ නඩත්ත කිරීම /රථ වාහන කුලී/රථ වාහන වාර සේවා
  • ඉඩම් හා ගොඩනැගිලි සැලසුම් /වීථි රේඛා /අනවසර ඉදි කිරීම්/සැලසුම් කමිටුව /දීර්ඝකාලීන බදූ පදනම් මත ලබා දෙන රජයේ ඉඩම් /අමාත්‍යාංශ දෙපාර්තමේන්තු වෙත ලබා දෙන රජයේ ඉඩම්
  • ඉන්ධන මිලදී ගැනීම /නිකුතුව හා ඉන්ධන දහන පරික්ෂාව /රථ වාහන දෛනික ධාවන සටහන සකස් කිරීම /මාසික රථ වාහන වාර්තා  / වාර්ෂික රථ වාහන බලපත්‍ර
  • කර්මාන්ත /මහජන පැමිණිලි / අනතුරැදායක ගස් ඉවත් කිරීම/පොදු පාරක් බවට තහවුරැ කිරීම /ජල නළ ඵළිම සඳහා මාර්ග පලුදු කිරීම
  • මාර්ග ඉන්වෙන්ට්‍රිය /වීථි පහන් අළුත්වැඩියා කිරීම