නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

දෙපාර්තමේන්තුවේ සම්බන්ධතා අංකය (department contact number) : 047 2256 282

සංවර්ධන නිලධාරි 01ක් 
කළමනාකාර නිලධාරි 01ක්
සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 02ක්

මහජන සෞඛ්ය පරීක්ෂක (public health inspector)

  • හම්බන්තොට මහ නගර සභාවේ සෞඛ්‍ය කම්කරැවන්ට රාජකාරි පැවරීම් සහ ඔවුන්ගේ වැඩ අධීක්ෂණය කිරීම
  • මහ නගර සභාවේ සෞඛ්‍ය පරිපාලකවරැන්ගේ රාජකාරි කටයුතූ අධීක්ෂණය කිරීම
  • මහ නගර සභාවේ සෞඛ්‍ය කම්කරැවන්ගේ අතිකාල දීමනා ගෙවීම් පත්‍ර පරීක්ෂා කර නිර්දේශ ඉදිරිපත් කිරීම
  • මහ නගර සභාවේ සෞඛ්‍ය කම්කරැවන්ගේ නිවාඩු අනුමත කිරීමේ රාජකාරි ඉටු කිරීම
  • මහා නගර සභා උප කාර්යාලය වෙත කසළ කළමනාකරණ කටයුතු සඳහා සහ සෞඛ්‍ය කම්කරැවන් රාජකාරීන්වලට රැගෙන යාම සඳහා යොදවා ඇති රථ වාහන අධීක්ෂණය කිරීම සහ දෛනික ධාවන සටහන් පරීක්ෂා කිරීම
  • මහා නගර සභා කාර්යාලයේ පවත්වන මහා සභා රැස්වීම,සෞඛ්‍ය කමිටුව,තාක්ෂණ ප්‍රගති සමාලෝචන කමිටුව සහ සැලසුම් කමිටුව සඳහා සහභාගී වීම
  • මහා නගර සභාව මගින් සකස් කරනු ලබන වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සහ සිව් අවුරැදු සැලැස්ම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සැලසුම් සකස් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීම සහ නියමිත දිනට ප්‍රගතිය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි වෙත ලබා දීමට කටයුතු කිරීම
  • මහා නගර සභා ආඥා පනත හා මහා නගර සභාවට අදාළ වන අනෙකුන් සියලු අණ පනත්වලට අදාළව මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් වූ නීතිමය කටයුතු සඳහා සහභාගි වීම
  • හදිසි ආපදා තත්වයන්වලදී සහ උත්සව අවස්ථාවලදී නගර සභාව විසින් පවරන රාජකාරි ඉටු කිරීම සඳහා බැඳී සිටීම
  • ජාත්‍යන්තර වරාය වෙත පැමිණෙන නැව් මඟින් ඉවත්වන කසළ කොම්පොස්ට් අංගනය වෙත බැහැරලන තෙක් ඒ පිළිබඳ අධීක්ෂණ කටයුතු සිදු කිරීම
  • සායනික අපද්‍රව්‍ය දහන මධ්‍යස්ථානය පරීක්ෂා කිරීම සහ වාර්තා ඉදිරිපත් කිරීම
  • ඝෝගාතකාගාරයේ මාංශ පරීක්ෂාව ඇතුළු සියලු කටයුතු අධීක්ෂණය කිරීම
  • වෙළඳ බලපත්‍ර සහ පරිසර බලපත්‍ර නිකුත් කිරීම සඳහා අවශ්‍ය ස්ථානීය පරීක්ෂාවන් සිදු කර නියමිත කාලය තුළ අදාළ නිර්දේශ ලබා දීම
  • විගණන කටයුතුවලදී අවශ්‍ය සහාය ලබා දීම
  • ආහාර පනතට අදාළ රාජකාරී කටයුතු සිදු කිරීම
  • කොම්පෝස්ට් අංගනයේ කටයුතු අධීක්ෂණය කිරීම
  • සියලු මැතිවරණයන්හී දී සහා නගර සභාව මගින් සිදු කරනු ලබන කමිටු රාජකාරී සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම
  • මහා නගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු මර්ධනය සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම
  • මහජන පොළ මත්ස්‍ය හා මාංශ වෙළඳ පොළ අධීක්ෂණය කිරීම සහ අනවසර වෙළඳාම් පාලනය කිරීම සඳහා ආදායම් පරිපාලක සමඟ සම්බන්ධ වෙමින් අවශ්‍ය කටයුතු සිදු කිරීම
  • බෝ වන සහ බෝ නොවන රෝග පාලනයට අවශ්‍ය කටයුතු සිදු කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී නිරෝධායන කටයුතු සිදු කිරීම
  • පීඩන ක්‍රියා අනපනත් සම්බන්ධයෙන් අදාළ රාජකාරි කටයුතු සිදු කිරීම
  • මීට අමතරව නගරාධිපති / කොමසාරිස් විසින් හෝ නාගරික ලේකම් විසින් පවරනු ලබන ඔනෑම රාජකාරි කටයුත්තක් ඉටු කිරීමට බැදී සිටී

සංවර්ධන නිලධාරි සහ කළමනාකරණ සේවා නිලධාරි (development officer and managing service officer)

  • සෞඛ්‍ය කමිටුව /බෝ වන සහ බෝ නොවන රෝග පාලනය /ආහාර ස්වස්ථතාව /මාතෘ සෞඛ්‍ය /සුනඛ පාලනය
  • ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධීක්ෂණය /ඩෙංගු මර්ධනය