‘හම්බන්’ නොහොත් ‘සම්බාන්’ නමැති මුහුදු යාත්‍රා විශේෂය පැමිණියා වූ තොටුපළ ‘හම්බන්තොට’ යනුවෙන් හඳුන්වනු ලැබිය.මෙම තොටුපළ හා සම්බන්ධ වූ නගරය ද ,ඒම නගරය කේන්ද්‍රස්ථානය කොට ගත් පරිපාලන දිස්ත්‍රික්කයද මෙනමින් ප්‍රසිද්ධියට පත් විය. මීට සමානව ‘මහතොට’, ‘කළුතොට’ යන නම්වලින් බිඳී ආ ‘මාතර’, ‘කළුතර’ වැනි නගර තොටුපළ මධ්‍යස්ථාන වූ අතර , ඒවා මගින් පාලනය ගෙන ගිය පරිපාලන දිස්ත්‍රික්ක ඒ නම්වලින් ච්යවහාර විය .
‘හම්බන්’ යනූ ඔරැ දෙකක් ඒකට ගලපා සාදන ලද යාත්‍රා විශේෂයකි . මෙම යාත්‍රා වර්ගය මුහුදු ගමනා ගමනයේදී බෙහෙවින්ම භාවිතා කරනු ලැබිය . ආසියාතික ප්‍රදේශවල ජීවත් වූ චීන , මැලේ ,හා යෝනක මුහුදු යාත්‍රිකයන් අතර මෙම යාත්‍රා විශේෂය බෙහෙවින් ජනප්‍රිය විය.
ලංකාවේ ගිණිකොන දිග වෙරළේ පිහිටී මෙය පැරණි කාලවල තොටුපළක් වශයෙන් පැවැති බව තහවුරැ කෙරෙන ෙඒතිහාසික සාක්ෂි නොමැත.පැරණි ඉතිහාසගත සමයයන්හි මේ වෙරළබඩ තීරයෙහි පැවැති වැදගත් තොටුපළ වූයේ වන නදි (වළවේ) මොයේ පිහිටී ගොඩවාය ය. ක්‍රි.ව 2 වන ශ.ව.මෙය ලංකාවේ ගිණිකොන දිග ප්‍රදේශයේ පිහිටී වැදගත්ම වරාය වූ බව ෙඒතිහාසික සාක්ෂි වලින් තහවුරැ වේ.
හම්බන්තොට දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ගිණිකොන දිග සීමාවේ පිහිටා තිබේ . ඒහි විශාලත්වය ව.සැ .1012.75 (කි.මී.2 2622.82) කි. දිවයිනේ මුළු භූමි ප්‍රමාණයෙන් (ව.සැ.25332/කි.මී.2 65605) 1/25 ක් පමණ වන කොටසක් මෙම දිස්ත්‍රික්කයට අයත් වේ.දිස්ත්‍රික්කයේ උපරිම දිග සැ.66 (කි.මී.106) කි. (බටහිරින් රිලාගල සිට නැගෙනහිර කුමන දක්වා)1 උපරිම පළල සැ.24(කි.මී.39)කි. (උතුරේ හිරකන්දේ සිට දකුණේ වැල්ලද්දරගොඩ දක්වා)2 දිස්ත්‍රික්කයට අයත් වන වෙරළබඩ තීරයේ දිග සැ.94(කි.මී.151.3)කි. ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක විසි හතර අතුරින් විශාලත්වයෙන් දොළොස්වන ස්ථානය හම්බන්තොට දිස්ත්‍රික්කයට හිමි වේ.3 මාතර දිස්ත්‍රික්කයේ ප්‍රමාණය (ව.සැ.481.25/කි.මී.2 1246) මෙන් දෙගුණයටත් වඩා ද , මාතර හා නුවරඒළිය (ව.සැ.474 /කි.මී.2 1228) දිස්ත්‍රික්ක දෙකේ මුළු ප්‍රමාණයට වඩා ද හම්බන්තොට දිස්ත්‍රික්කය විශාලය.
දිස්ත්‍රික්කයේ මුළු ප්‍රමාණයෙන් 1% ට මඳක් වැඩි කොටසක් නොහොත් ව.සැ . 11.5 (කි.මී.2 29.8) ක ප්‍රමාණයක් විශාලතම අභ්‍යන්තර ජලාශවලින් වැසී ඇත.4 ඉතිරි 99% ආසන්න ප්‍රමාණය නොහොත් ව.සැ. 1001.25(කි.මී. 2593.03) ප්‍රධාන වශයෙන් ගොඩ බිම් වලින් සමන්විත වේ.
අක්ෂාංශක හා දේශාංශක පිහිටීම අනුව හම්බන්තොට දිස්ත්‍රික්කය උත්තරාක්ෂාංශක 6ං සිට 6.5ං දක්වා ද, නැගෙනහිර දේශාංශක 80.6ං සිට 81.7ං දක්වා ද විහිදී ඇත.
භූගෝලීය පිහිටීම අනුව මෙම දිස්ත්‍රික්කය වයඹ දිගින් බුලුතොට හෙල්වලින් විහිදෙන පාවුල් වැටි වන පනිල්කන්ද (අඩි 2780/ මීටර් 847.3) , ගොන්ගල (අඩි 4100/ මීටර් 1250) , කබරගල (අඩි 3276/ මීටර් 998.5) , කෝප්පකන්ද (අඩි 2300/ මීටර් 701) , බිස්සගල (අඩි 1999/ මීටර් 609.2) , වැටි වලින් ද , බටහිරින් නාගලකන්ද (අඩි 709/ මීටර් 216) , කොටිහේන (අඩි 707/ මීටර් 215.4) , කෑරකැලේ (අඩි 697/ මීටර් 212.4) , අඹන්ගල (අඩි 789/ මීටර් 240.4) , දෙනියකන්ද (අඩි 2400/ මීටර් 732) , වැනි හෙල්වලින් ද, උතුරින් හා ඊශාන දිගින් කතරගම කඳු වැටි (අඩි 1200/ මීටර් 366) හත ඇතුළු ඌව කඳු වැටි වලින් ද , නැගෙනහිරින් කුඹුක්කන් ඔයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද වටවී තිබේ.
පරිපාලනමය පිහිටීම අනුව උතුරට රත්නපුරය , මොණරාගල හා අමිපාර දිස්ත්‍රික්ක වලින් ද , බටහිරින් මාතර දිස්ත්‍රික්කයෙන් ද මෙම ප්‍රදේශය සීමා වී තිබේ .
දිස්ත්‍රික්කයේ ඇති මුළු ඉඩම් ප්‍රමාණයෙන් 14% ක් නොහොත් අක්. 90643.25 (හෙක් .36683.3) ක් රජයේ ඉඩම්වලට අයත් වේ. මෙයින් අක්. 44606(හෙක් .18052.1) ක් ඉඩමි සංවර්ධන ආඥා පණත යටතේ ඇති ඉඩම් ද , අක්. 42239(හෙක් .17094.1) ක් අනවසර ඉඩම් ද , අක්. 2501(හෙක් .1012.1) ක් මධ්‍යම පන්තික බදු ඉඩමි ද , අක්. 1003(හෙක් .405.9) ක් විශේෂ බදු ඉඩමි ද , අක් .294.25 ක් (හෙක් .119.1) ක් උස්බිම් ජනපද ඉඩම් ද , වශයෙන් යෙදී තිබේ.
1978 වර්ෂයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනගහනය 3,88,000 කි. ලංකාවේ ජනගහනය 1,41,81,000 කි. මේ අනුව ලංකාවේ මුළු ජනගහනයෙන් 2.73% පමණ කොටසක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජීවත් වූහ. දිවයිනේ දිස්ත්‍රික්ක 24 ජනගහන සංඛ්‍යාවෙන් හා සසඳන කල හම්බන්තොට දිස්ත්‍රික්කයට හිමිවනුයේ 15 වන ස්ථානයයි. ජනගහනය අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයට ආසන්න වශයෙන් ඉදිරියෙන් ඇති දිස්ත්‍රික්කය පුත්තලම (4,37,000 – 14 වන ස්ථානය) වන අතර පසු පසින් සිටින්නේ මාතලේ දිස්ත්‍රික්කයයි. (3,54,000 – 16 වන ස්ථානය )
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනගහනය යාපනය දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් (8,01,000) අඩකට ආසන්නය. මන්නාරම (90,000) හා මඩකලපුව (2,99,000) යන දිස්ත්‍රික්ක දෙකේ ජනගහනයේ ඒකතුවට ආසන්න වශයෙන් සමානය.
20 වන ශත වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා දිස්ත්‍රික්කයේ ජනගහනය සීඝ්රයෙන් වර්ධනය වී ඇති බැව් පෙනේ . ආර්ථික කටයුතුවල වර්ධනයත් , මැලේරියාව වැනි වසංගත රෝග මර්ධන ව්‍යාපාරයන් ඇතුළු සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවාවන්හී ප්‍රසාරණයත් හේතුකොටගෙන 1881 දී 72,000 ක් පමණ වූ ජනගහනය 1978 වන විට 3,88,000 දක්වා 5 ගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ . (චක්‍රය 5) වත්මන් ජනගහන වර්ධන වේගයට අනුව 9150 ට ආසන්න අතිරේක පිරිසක් සෑම වර්ෂයක් පාසාම දිස්ත්‍රික්කයේ ජනගහනයට ඒක් වේ. ක්‍රි. ව. 2000 දී දිස්ත්‍රික්කයේ ජනගහනය 5,70,000 ආසන්න සංඛ්‍යාවකින් නොහොත් 20 ශ.ව. ආරම්භයේදී දිස්ත්‍රික්කය සතු වූ ජනගහනය (1,04,000) මෙන් 5 ගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබේ.
දිස්ත්‍රික්කයේ ජනගහනයේ සංයුතිය විමසන විට වැදගත් ලක්ෂණ කිහිපයක් කැපී පෙනේ . ජනගහනයේ ස්ත්‍රී පුරැෂ භාවය අනුව , මුළු ජනගහනයෙන් 1,99,047 ක් නොහොත් 51.3% ක් පුරැෂයන් වන අතර , ඉතිරි 1,88,953 ක පිරිස නොහොත් 48.7% ස්ත්රීහූ වෙති. සෑම ස්ත්‍රීන් 100 ටම පිරිමි 105 ක් වෙති. මේ අනුව මුළු ජනගහනයෙන් වැඩි පිරිස පුරැෂයන් බව පැහැදිළි වේ. (චක්‍රය 10) දිස්ත්‍රික්කයේ ජනගහනය ගැන පොදුවේ සලකනවිට මෙම සංඛ්‍යාවලින් පෙන්නුම් කරන ස්ත්‍රී පුරැෂ කාණ්ඩ අතර ඇති වෙනස නොවැදගත් බව පෙනේ. ස්ත්රීහූ අවු .25 ක සාමාන්‍ය වයස් සීමාවේදී විවාහ ජීවිතයට ඇතුළු වෙති. දිස්ත්‍රික්කයට අයත් පවුල් ඒකකයකට ගැහැණු දරැවන් 2.25 ක සාමාන්‍ය ප්‍රමාණයක් අයත් වෙති.
වයස් සංයුතිය පිරික්සන විට මුළු ජනගහනයෙන් 80% නොහොත් 3,10,400 ක් දෙනා වයස අවුරැදු 5-54 ත් අතර කාණ්ඩයට ගැනෙන අය බව පෙනේ. ඉතිරි 20% නොහොත් 77,600 ක් දෙනා වයස අවුරැදු 5 ට අඩු හා අවුරැදු 54 ට වැඩි අය වෙති . වයස අවුරැදු 5-54 අතර කාණ්ඩයට අයත් මුළු ජනගහනය වන 3,10,400 න් 32.5% නොහොත් 1,00,800 ක් වයස අවුරැදු 5-14 ත් අතර පිරිස බව පෙනී යයි. ඉතිරි 67.5% නොහොත් 2,09,600 දෙනා වයස අවුරැදු 15-54 ත් අතර වයස් කාණ්ඩයට ගැනෙන පිරිස වෙති. මේ අනුව බලන විට දිස්ත්‍රික්කයේ මුළු ජනගහනයෙන් අඩකට වැඩි (54%) පිරිස ආර්ථික වශයෙන් ඒලදාසි ශ්‍රම කාණ්ඩයට අයත් වන බව පැහැදිළි වේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනගහනය ජාතීන් පහකින් සංයුක්ත වී තිබේ. සිංහල , යෝනක , මැලේ , දෙමළ හා බර්ගර් යන ජාතීහූ මිට අයත් වෙති. දිස්ත්‍රික්කයේ ජනගහනය ප්‍රධාන ආගම් හතරකට අයත් වේ. මුළු ජනගහනයෙන් 97.1% අදහනු ලබන බහුතර ආගම බුද්ධාගම වේ. මුළු ජනගහනයෙන් 2.9% වන ඉතිරි කොටස අනෙක් ආගම් තුන අතර බෙදී ගොස් තිබේ . මෙම ජන සංඛ්‍යාවෙන් 75% ට වැඩි කොටසක් අදහන මහම්මත් ආගම ද්වීතියක ආගම් අතරින් , ප්‍රධාන ස්ථානයට පත්වන අතර , දෙවන හා තුන්වන ස්ථාන පිළිවෙලින් හින්දු හා ක්රිය්තියානි ආගම්වලට හිමි වේ. දිස්ත්‍රික්කයේ වෙසෙන ක්‍රිස්තු භක්තිකයන්ගෙන් 79% ක් නොහොත් බහුතර පිරිස රෝමාණු කතෝලික ආගමිකයන්ය.
මධ්‍යම ආණ්ඩුවට අයත් විවිධ අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු , සංස්ථා හා ආයතනවල කටයුතු ප්‍රාදේශිය මට්ටමේදී ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් නිලධාරීන් පත් කොට ඇත. ප්‍රාදේශීය පරිපාලනයේ ප්‍රධාන විධායකයා වන දිස්ත්‍රික් ඇමතිතුමා මේ සියළුදෙනාගේ රාජකාරි කටයුතු සම්බන්ධීකරණය කරනු ලබයි.
පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම කරලීම සඳහා , ප්‍රාදේශීය පරිපාලන කොට්ඨාශ 8 ට , දිස්ත්‍රික්කය බෙදා ඇත. මේ සෑම කොට්ඨාශයක්ම භාරව දිස්ත්‍රික් ඇමතිතුමාගේ පරිපාලනයට යටත්වන සහකාර ආණ්ඩුවේ ඒජන්තවරැ 8 ක් වෙනි. මධ්‍යම ආණ්ඩුවේ විවිධ අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු , සංස්ථා , ආයතනවල කටයුතු හා ප්‍රාදේශීය පරිපාලනය පිළිබඳ සෑම කාර්යයක්ම දිස්ත්‍රික් පාලනයට යටත්ව ක්‍රියාත්මක කරන , මෙහෙයවන , සම්බන්ධීකරණය කරන , ප්‍රධාන විධායක නිලධාරී තැන සහකාර ආණ්ඩුවේ ඒජන්තවරයා වේ. විවිධ දෙපාර්තමේන්තු , සංස්ථා , ආයතනවලට අයත් ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීහූ මොහුගේ කටයුතුවලට සහයෝගය දෙති . මොවුන්ගේ කටයුතු සම්බන්ධීකරණය කරනුයේ ද , සහකාර ආණ්ඩුවේ ඒජන්තවරයාය
රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල විවිධ කටයුතු , ප්‍රතිපත්ති වැඩසටහන් ගම් මට්ටමේදී ක්‍රියාත්මක කිරීම , මෙහෙයවීම හා සමිබන්ධීකරණය කිරීම සඳහා සහකාර ආණ්ඩුවේ ඒජන්තවරැන්ගේ පරිපාලනයට යටත් වන ග්‍රාමසේවා නිලධාරිහූ වෙති. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙවැනි ග්‍රාම සේවා වසම් 167 ක් තිබෙන අතර , දිස්ත්‍රික්කයේ ඇති ගම් 1020 මෙම ග්‍රාම සේවා කොට්ඨාශ අතර බෙදී ගොස් ඇත.
ස්වාභාවික සම්පත් හා මානව සම්පත්වල අන්‍යොන්‍ය සබඳතාව මත ආර්ථික කටයුතු ගොඩ නැඟේ . දිස්ත්‍රික්කයේ දක්නට ලැබෙන ස්වාභාවික සම්පත් මිනිසා විසින් පරිහරණයට ගැනීම කරණ කොට ගෙන ආර්ථික ක්‍රියාවලින් රැසක් ඇති වී තිබේ .මිනිසා , භූමිය ප්රායෝජනයට ගැනීම නිසා ගොවිතැන නැමැති මානව ක්‍රියාව ඇති විය . ඔහු මුහුද හා අභ්‍යන්තර ජලාශවල මානව කටයුතු පැතිරවීමෙන් ධීවර කර්මාන්තය බිහිවී තිබේ. පොළෝ ගැබෙහි ඇති බනිජ වර්ග හාරා ගැනීම නිසා ආකර කර්මාන්තය වැනි ආර්ථික ක්‍රියාවලින් පැන නැඟී ඇත. මෙවැනි මානව කටයුතු මගින් දිස්ත්‍රික්කයේ ආර්ථිකය ගොඩ නැඟී තිබේ. මීට පදනම් වූ ප්‍රධාන ආර්ථික අංශ කිහිපයක් ඇත. එනම් ;
(1)කෘෂිකර්මය-
(අ) වී වගාව , ගොඩ ගොවිතැන සහ හේන් වගාව
(ආ) වාණිජ කෘෂිකර්මයට වැඩි කේන්ද්‍රගතවීමක් ඇති භෝග වගාව
(ඇ) සත්ව පාලනය
(ඈ) ධීවර කර්මාන්තය
(ඉ) වන කර්මාන්තය
(2)කර්මාන්ත
(3)වෙළඳාම
(4)පරිවහනය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමාජයීය පොදු කාර්ය කටයුතු අතර අධ්‍යාපන සේවාවට ප්‍රධාන තැනක් හිමි වේ. දිවයිනේ තිබෙන ප්‍රාදේශීය අධ්‍යාපන බල ප්‍රදේශ 30 න් , තංගල්ල අධ්‍යාපන බල ප්‍රදේශයට හම්බන්තොට දිස්ත්‍රික්කය අයත් වේ. 1978 වර්ෂයේදී මේ ප්‍රදේශයේ රජයේ පාසල් 279 ක් හා පිරිවෙන් 5 ක් විය. රජයේ පාසැල්වල සේවයේ න්රත වූ ගුරැවරැන් සංඛ්‍යාව 3508 ක් වූ අතර , ඒවායේ ඉගෙනීම කළ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 98538 ක් වූහ. පිරිවෙන් හා පුද්ගලික අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සංඛ්‍යාව ද ඇතුළත් කළහොත් 100000 ආසන්න පිරිසක් නොහොත් දිස්ත්‍රික්කයේ මුළු ජනගහනයෙන් 26% ක් පමණ කොටසක් , පාසැල් සිසුහූ වූහ. 1978 වර්ෂයේදී ප්‍රදේෂයේ අධ්‍යාපන සේවාව සඳහා රජය මගින් වියදම් කළ මුළු මුදල රැපි. 28,382,200.00 ඉක්මවිය. මෙයින් 89% (රැපි.25,282,200.00) ක් ජාතික අය වැය මගින් ද , 11% (රැපි.3,100,000.00) ක් විමධ්‍යගත අයවැයෙන්ද ලබා දී ඇත.
පිරිවෙන පැරණි කාලවල ප්‍රදේශයේ අධ්‍යාපන ක්ෂේත්රයේ කේන්ද්‍රස්ථානය විය. රැහුණේ ඉපැරණි ශාස්ත්‍ර මධ්‍යස්ථානය වශයෙන් සලකනු ලබන්නේ මහාවංශයේ සඳහන් වන තිස්සමහාරාම විහාරස්ථානයේ වූ ‘සිලාපස්සය පිරිවෙනය’ මෙය මීට අවුරැදු 2000 කට පමණ පෙර කාලයක වී යයි විශ්වාස කෙරේ. ප්‍රදේශයේ නූතන අධ්‍යාපන සේවයට පදනම් වැටුනේ බ්‍රිතාන්‍ය සමයේදිය. මේ කාලයේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනික හා ශාස්ත්‍රීය ප්රබෝධයක් ඇති විය. පළාතේ පහල වූ තංගල්ලේ ජිනරතන , බැදීගම රතනපාල , කටුවානේ දිසානායක මුහන්දිරම් , පත්තායමේ ලේකම් , කිරම ධම්මානන්ද , බෝවල ධම්මානන්ද , සිටිනාමළුවේ ධම්මජෝති වැනි ගිනි , පැවිදි පඬිවරැ ශාස්ත්‍ර උන්නතියට මහත් සේවාවක් ඉටු කළහ.
දිස්ත්‍රික්කයේ පැරණිතම පාසැල් තංගල්ල , බෙලිඅත්ත , හා හම්බන්තාට යන නගරවල ආරම්භ කරන ලදී. 1872 දී මෙම ප්‍රදේශයේ පාසැල් තුනක් පමණක් දක්නට ලැබුණ අතර ඒවා ඉහත සඳහන් මධ්‍යස්ථානවල පිහිටුවා තිබුණි. හම්බන්තොට පාසැලේ ඉඩ පහසුකම් මඳවූ බවත් , තංගල්ල පාසැල ඇfප් එදිරිසිංහ පියතුමා විසින් සතුටුදායක ලෙස පවත්වාගෙන ගිය බවත් , එවකට හම්බන්තොට උප දිසාපති වරයාව සිටි තෝමස් ස්ටීල් (1868-71/1872-75) 1872 වර්ෂයේ පාලන වාර්තාවේ සඳහන් කොට ඇත. තංගල්ලේ ක්රයිස්ට්චර්චි පාසැල දිස්ත්‍රික්කයේ පැවැති පැරණිතම පාසැල් කිහිපයෙන් එකකි. ප්‍රදේශයේ මුල්ම ස්වභාෂා පාසැල වූයේ ගුරැමුහන්දිරම් ඩී.ඇස්.වික්‍රමසිංහ මහතා විසින් අරඹන ලද , රන්න ආණ්ඩුවේ මිශ්‍ර පාසැලය. පසු කලෙක පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය මගින් තංගල්ලේ ශ්‍රී රාහුල විද්‍යාලය , මොරකැටිආර පාසැල සහ බෙලිඅත්තේ පඤ්ඤානන්ද විද්‍යාලය ද ආරම්භ කරනු ලැබීය.
එකල හම්බන්තොට විසූ පී. කුර්මන් නැමැති පියනම ප්‍රදේශයේ ශාස්ත්රාලෝකය පතුරැවාලීමට විශාල සේවයක් කළහ. හම්බන්තොට නගරයේ ජීවත් වූ ළමයින්ගේ අධ්‍යාපනය නංවාලිම සඳහා එතුමන් විසින් 1905 දී සාන්ත මේරි පාසැල අරඹන ලදී. පසු කාලයක මෙම දිස්ත්‍රික්කයේ උප දිසාපති වරයෙකු වශයෙන් සේවය කළ ලෙනාර්ඩ් වුල්fප් (1908-11) , ධර්ම කබීර් විද්‍යාලය නමින් හැඳින්වෙන පාසැල 1910 දී ආරම්භ කළේය. එකල මෙය හැඳින්වුයේ ‘ද්‍රවිඩ පාසැල’ යනුවෙනි.
දිස්ත්‍රික්කයේ පැරණිතම පාසැල් තංගල්ල , බෙලිඅත්ත හා හම්බන්තොට යන නගරවල ආරම්භ කරන ලදී. 1872 දී මෙම ප්‍රදේශයේ පාසැල් තුනක් පමණක් දක්නට ලැබුණ අතර ඒවා ඉහත සඳහන් මධ්‍යස්ථානවල පිහිටුවා තිබුණි. හම්බන්තොට පාසැලේ ඉඩ පහසුකම් මඳවූ බවත් , තංගල්ල පාසැල ඇfප් .එදිරිසිංහ පියතුමා විසින් සතුටුදායක ලෙස පවත්වාගෙන ගිය බවත් , එවකට හම්බන්තොට උප දිසාපති වරයාව සිටි තෝමස් ස්ටීල් (1868-71/ 1872-75) 1872 වර්ෂයේ පාලන වාර්තාවේ සඳහන් කොට ඇත. ප්‍රදේශයේ මුල්ම ස්වභාෂා පාසැල වූයේ ගුරැමුහන්දිරම් ඩී.ඇස්.වික්‍රමසිංහ මහතා විසින් අරඹන ලද , රන්න ආණ්ඩුවේ ම්ශ්ර පාසැලය. පසු කලෙක පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය මගින් තංගල්ලේ ශ්‍රී රාහුල විද්‍යාලය , මොරකැටිආර පාසැල සහ බෙලිඅත්තේ පඤ්ඤානන්ද විද්‍යාලය ද ආරම්භ කරනු ලැබිය.
එකල හම්බන්තොට විසූ පී.කුර්මන් නැමැති පියනම ප්‍රදේශයේ ශාස්ත්රාලෝකය පතුරැවාලීමට විශාල සේවයක් කළහ. හම්බන්තොට නගරයේ ජීවත් වූ ළමයින්ගේ අධ්‍යාපනය නංවාලීම සඳහා එතුමන් විසින් 1905 දී සාන්ත මේරි පාසැල අරඹන ලදී. පසු කාලයක මෙම දිස්ත්‍රික්කයේ උප දිසාපති වරයෙකු වශයෙන් සේවය කළ ලෙනාර්ඩ් වුල්fප් (1908-11) , ධර්ම කබීර් විද්‍යාලය නමින් හැඳින්වෙන පාසැල 1910 දී ආරම්භ කළේය. එකල මෙය හැඳින්වුයේ ‘ද්‍රවිඩ පාසැල’ යනුවෙනි. බ්‍රිතාන්‍ය යුගයේදී දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කටයුතු දියුණු කිරීම සඳහා අධ්‍යාපන කමිටුවක් පිහිටුවා තිබුණි. උප දිසාපති වරයා මෙහි සභාපති පදවිය දැරීය. 1917 වර්ෂයේදී , මෙම කමිටුවට උප දිසාපති ඩබ්ලිව්. ඇල්.මර්fපී , පී.කුර්මන් පියතුමා , පටහිර ගිරැවා පත්තුවේ මුදලි හැරි ජයවර්ධන හා ප්‍රාදේශීය අධ්‍යාපන අධ්යක්ෂවරයා අයත් වූහ.
එවකට දිස්ත්‍රික්කයේ තිබූ පාසැල්වල ඉගැන්වීම් කළ ඉහළම පන්තිය වූයේ 8 වැනි ශ්‍රේණියයි. පාසැල හැර යාමේ විභාගය (ඊ.ඇස්.ඇල්.සී.විභාගය ) 8 ශ්‍රේණියේදී පවත්වන ලදී. මෙම විභාගය සමත් වැඩිදුර අධ්‍යාපනයට කැමති ළමයින් දික්වැල්ල , මාතර , තංගල්ල ආදි නගරවල පාසැල්වලට යායුතු විය. 1947 වර්ෂයේදී ඇති කළ නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් පසුව ගතවූ දශක කිහිපය තුළ මේ ප්‍රදේශයේ සෑම කොට්ඨාශයකම වාගේ පාසැල් විවෘත වූ අතර , දහස් ගණනක් ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදාවිය. පසුගිය කාලය තුළදී ප්‍රදේශයේ අධ්‍යාපන සේවාව පුළුල්වීමත් සමග පරිපාලනමය දුෂ්කරතාවන්ද උද්ගත විය. මේ නිසා මෙතෙක් ගාල්ල අධ්‍යාපන කාර්යාලයෙන් කර ගෙන ගිය පරිපාලන නතර කොට , 1961 ඔක්තෝබර් මාසයේදී තංගල්ල අධ්‍යාපන බල ප්‍රදේශය සඳහා වෙනම ප්‍රාදේශීය අධ්‍යාපන කාර්යාලයක් පිහිටුවනු ලැබිය.
Committed to shaping a brighter future for Hambantota through innovation, collaboration, and community-driven progress. Together, we thrive