ශී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 1639/12 2010 පෙබරවාරි මස 02 වන අඟහරැවාදා දින දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත නියෝගයෙන් 2011 අප්‍රේල් මස 01 වන දින හම්බන්තොට මහා නගර සභාව ස්ථාපිතය .
2011.10.08 දින පැවති පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසු ප්‍රථම වරට හම්බන්තොට මහා නගර සභාව සඳහා නගරාධිපති ලෙස ඒරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ නාගරික මන්ත්‍රිවරැ 11 දෙනකු තේරිපත් විය .
හම්බන්තොට මහා නගර සභාවේ ප්‍රථම මහා සභා රැස්වීම 2011 නොවැම්බර් මස 04 වෙනි දින ශ්‍රි ලංකා ප්‍රඡාතාන්ත්‍රික සමාඡවාදී ඡනරඡයේ ගරැ කථානායක චමල් රාඡපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් හා ගරැ නගරාධිපති ඒරාඡ් රවින්ද්‍ර ප්‍රනාන්දු , නියෝඡ්‍ය නගරාධිපති , යු . කේ . ඒ . දිසානායක , නාගරික මන්ත්‍රි කේ . ඡි . ගාමිණි ශ්‍රි ආනන්ද , ඒම් . ඒල් . ඒම් යෙහියා , ඒම් . ටී . සිරාඡුදීන් , කේ . ඒම් . අඡිත් ප්‍රසන්න , පි . ඡි . ඩබ් . ප්‍රියන්ත කුමාරතුංග , ඒස් . ඒම් . කේ . ඔමර් , අයූබ් ඛාන් , ඩී . ඒ . ගාමිණි , අරැණ ශාන්ත සායක්කාර , කේ . ඒම් . සම්සුදීන් යන මහත්වරැන්ගේ සහබාගීත්වයෙන් පැවැත්විණි .
පළාත - දකුණු පළාත
දිස්ත්‍රික්කය - හම්බන්තොට
බල ප්‍රදේශය - වර්ග කිලෝමීටර 79.61 කින් සමන්විතය
සභික සංඛ්‍යාව - 12
ග්‍රාම නිලධාරී වසම - 07
ජනගහනය - 28380 ක් පමණ
මෙම සුවිශේෂී වූ හම්බන්තොට නගරය නැගනහිර දේශාංශ 81 උතුරැ අක්ෂාංශ 6.15 ක් සම්බන්ධවන කේන්ද්‍රයක පිහිටා ඇති අතර ,ඒහි වාර්ෂික වර්ෂාපතනය මි. මී . 1000 ට අඩු වුවද උෂ්නත්වය 80-81 වන අතර වේ . කි. මී ඒකක පමණ සාමාන්‍ය පළලකින් යුතුව පැරණි කොළඹ , කතරගම, මාර්ගයේ කි. මී 235 කණුව සිට කි. මී 242 දක්වා වූ කි. මී 7 ක් පුරා පැතිර වන වෙරළ ආශ්‍රිත බිම් තිරයක් පිහිටා ඇති ශුෂ්ක කළාපයට අයත් හම්බන්තොට නගරයේ දක්නට ලැබෙන සුවිශේෂි වූ භෞතික ලක්ෂනයක් වන්නේ ලවණ මිශ්‍ර වැලි හා මැටි පසකින් යුක්ත වීමයි . වසර පුරා දිය රැදි ඇති කරගත් ලේවායද ෙඒතිහාසික ලුණු ලේවායද , මාගම්පුර මහින්ද රාඡපක්ෂ වරාය හම්බන්තොට නගරයට කීර්තියක් වී ඇත .
වරායකට සුදුසු ස්වාභාවික පිහිටීමකින් යුත් මුහුදු තිරය ස්භාවධර්මයේ චමත්කාර ඡනක නිමැවුමකි. ලන්දේසි , ඉංග්‍රීසි පාලන සමයේදී ද කේන්ද්‍රස්ථානයක් වූ හම්බන්තොට නගරය සුවිශේෂී වූ ගෘහ නිර්මාණාත්මක ගොඩනැගිලි පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු දර්ශනිය ස්ථාන වලින්ද යුක්තය .
Discover the rich tapestry of culture, resilience, and heritage that has shaped our beautiful coastal haven through centuries of transformation
Our well-defined structure reflects a commitment to transparency, efficiency, and teamwork
1945 – 1950
1956 – 1965
1966 – 1973
1981 – 1990
1990 – 1991
1991 – 1997
1997 – 2006
2006 – 2011
2011 – 2022
Committed to shaping a brighter future for Hambantota through innovation, collaboration, and community-driven progress. Together, we thrive